එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා, අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මහ ඉහළින් වර්ණනා කළේය. ඒ හිරු සලකුණ වැඩසටහනේදීයි. අවසානයේදී මහින්ද රාජපක්ෂ අගමැතිඳුන්ගේ වටිනාකම එජාපයටත් වැටහී ඇති බව සමාජ ජාල පරිශීලකයින් සටහන් කර තිබේ.
"මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ පොරක්. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ පොරක් පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මහජනයාගේ නඩු වෙනුවෙන් ගිහිල්ලා උසාවියේ පෙනී හිටියා. ඔහු තිස්සමහාරාමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරනකොට ඔහු නීතීඥයෙක් වශයෙන් නඩු වලට නොමිලයේත් පෙනී හිටියා. මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියා. සියලු කකුලෙන් ඇදීම් වලට මුහුණ දී රටේ ජනාධිපති වෙලා, එදා රටේ තිබුණ බරපතලම ප්‍රශ්නේ වුණ යුද්ධෙදි ජනාධිපතිවරයා ලෙස නායකත්වය දුන්නා. ජනතාවගේ බොක්කටම බැස්සා. ජනතාවගේ ආදරණීය චරිතයක් වුණා."- එජාප මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර.