Mahinda Rajapaksa: ජනාධිපති සහ අගමැති ගැන හමුදාපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

Monday, March 30, 2020

ජනාධිපති සහ අගමැති ගැන හමුදාපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් ගැන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ ප්‍රකාශය පහත වීඩියෝවේ කාලය පැය 1:30:57 සිට දැක්වෙනවා.



හමුදාව යනු සෑම විටම දේශපාලන නායකත්වය යටතේ ක්‍රියාතමක වෙන ආයතනයක් බවත්, දක්ෂ ජනාධිපතිවරයෙන් සහ අගමැතිවරයෙක් මේ අවස්ථාවේදී සිටින නිසා අපේ හමුදාවට මේ කටයුතු කරගැනීමට හැකි වූ බවත් හමුදාපතිතුමාගේ ප්‍රකාශයෙනුත් පැහැදිළි වෙනවා.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා "I am not afraid of an army of lions led by a sheep; I am afraid of an army of sheep led by a lion." යනුවෙන් පවසා තිබෙනවා .

1977 සිට 2005 දක්වාත්, 2015 සිට  2019 දක්වා යහපාලන ආණ්ඩුව කාලෙදිත් අපේ රටේ හමුදාව පත්ව සිටියේ "an army of lions led by a sheep" (බැටළුවෙක් නායකත්වය දරන සිංහ හමුදාවක්) තත්ත්වයටයි.

(1977-2005 කාලය) ඊළාම් යුද්ධයේ මුල් කාලයේදී ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ නායකත්වය යටතේ, මේජර් ජෙනරල් විජය විමලරත්න, ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ආදී රණවිරුවන්ට යුද්ධය අවසන් කිරීමට හැකියාව තිබුණා. නමුත් එවකට නිසි දේශපාලන නායකත්වයක් තිබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි අර මුල් විරුවන් දෙදෙනාගේ ජීවිත පවා කුමන්ත්‍රණකාරී ලෙස අවසන් කළා. අවසානයේදී මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජනාධිපති වෙන තුරුම යුද්ධය ඇදි ඇදී ගියා. මහින්ද ජනපතිඳුන්ගේ දේශපාලන නායකත්වය යටතේ යුද්ධය අවසන් කරන්න ගියේ වසර 2.5 ක් වැනි කාලයක් පමණයි.

(2015-2019 කාලය) පාස්කු දින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ගැන හමුදා බුද්ධි අංශ වලින් 2017 කාලයේදීම එවකට දේශපාලන බලාධිකාරය දැනුවත් කරලා තිබුණා. නමුත් එය වළකාගැනීමට නොහැකි වූයේ නිසි දේශපාලන නායකත්වයක් නොතිබීම නිසයි.

මේ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුව තිබුණානම් වෙන දේ:

ජනාධිපති - කොරෝනා ගැන මම දැනගත්තේ පත්තරෙන්.
අගමැති - පවත්නා නීතිය යටතේ මේ ගැන කිසිවක් කරන්න බෑ.
පොලිස්පති - ආරක්ෂක මණ්ඩලය ‍රැස් වුණේ නැති නිසයි මේක වුණේ.
ආරක්ෂක ලේකම් - කොරෝනා වෛරසය ගැන අපි දැනන් හිටියා, ඒත් මෙච්චර ගොඩක් මැරෙයි කියල අපි දැනන් හිටියේ නෑ.
අධ්‍යාපන ඇමැති - ළමයි මැරුණට බය වෙන්න එපා, සුරක්ෂා රක්ෂණයෙන් රු ලක්ෂ 2 ක් ලැබෙනවා.
මුදල් ඇමැති - කොරෝනා අර්බුදයෙන් රටට වුණේ යහපතක්. ලොකු ගාණක් මැරුණොත් ගොඩක් විදේශ ආධාර ලැබෙනවා.
සෙටප් විපක්ෂය 1 - මේක රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්... අම්මපා.
සෙටප් විපක්ෂය 2 - කොරෝනා ගැන කියමින් රාජපක්ෂවරුන් විසින් සුළු ජාතීන්ගෙන් පළි ගන්නවා.
ජනාධිපති අපේක්ෂක - මම ජනතාව අතරට ගිහින් අත් වැල් අල්ලගෙන කොරෝනා හදාගෙන මැරෙන්න වුණත් සූදානම්.
ඩිජිටල් ඇමති - මගේ තාත්තා මට කිව්වා එලියට යන්න එපා කියලා, ඒ නිසයි මම එලියට ගියේ නැත්තේ. ජනතාවට කියන්න අමතක වුණා.
නීතිපති නිලධාරියා - නිරෝධායනය නොවූ සංක්‍රමණිකයන්ව අත් අඩංගුවට ගන්න කියල රහස් පොලිසියෙන් ඉල්ලීමක් කළා, නමුත් ඒකට වරෙන්තු නිකුත් කරන්න යම් ප්‍රමාදයක් වුණා
සෞඛ්‍ය ඇමති - GOMA එක්ට බය වෙලා ආණ්ඩුව තීරණ ගන්නේ නෑ.

යහපාලන කාලෙදි අවුරුදු දෙකකට කළින් බුද්ධි අංශ වලින් දැනුම් දීල තිබිලා, ප්‍රහාරයට දින කිහිපෙකට කළිනුත් බුද්ධි අංශ වලින් දැනුවත් කරලත්, ත්‍රස්තවාදීන් 9 දෙනෙක්ට 359 ක් ජනතාව මරා දාන්න පුලුවන් වුණානම්......, ඇමරිකාව එංගලන්තය ඉතාලිය ඇතුළු ලොව සෞඛ්‍ය සේවය අතිනුත් හමුදාමය අතිනුත් අති ප්‍රබල රටවල් අන්ත අසරණ වී ලෝකයේ 35000 කට වඩා මිය ගොස් ඇති (සහ ඇමරිකාවේ විතරක් මිලියන 2.2 ක් ජනතාව මිය යා හැකි බවට පුරෝකථනය වී ඇති) මේ මොහොතේදී යහපාලන ආණ්ඩුව තිබුණානම් අපේ රටේ තත්ත්වය ගැන සිතා බලන්න.

මීට අවුරුදු 10 කට කළින් හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසුවේත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලා නිසා යුද ජයග්‍රණය ලැබීමට හැකි වූ බවයි.





ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගැන හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශය දේශපාලන ප්‍රකාශයක් නොව, එතුමන් දෙදෙනා ගැන සදාතනික ප්‍රකාශයක් බව පැහැදිළි වෙනවා.

අන් අයවත් දැනුවත් වීමට Share කරන්න.