Mahinda Rajapaksa: April 2020

Monday, April 27, 2020

කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධ කරගැනීම ගැන එජාපෙන් ගහන මඩට පිළිතුරු.


කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සම්බන්ධ කරගැනීම ගැන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ බලවේග විසින් දිගින් දිගටම මඩ ගසනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධානතම චෝදනා දෙක වන්නේ
1. සෞඛ්‍ය ව්‍යසනයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය මිස හමුදාව මැදිහත් නොකරගත යුතුයි.
2.සිවිල් කටයුත්තකට හමුදාව සම්බන්ධ ක‍රැගැනීම නිසා හමුදා පාලනයක් ඇති වී තිබේ.

ඔවුන්ගේ එම චෝදනා දෙකට පිළිතුරු දීමට පෙර කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් බටහිර රටවල් වල ක්‍රමය කුමක්දැයි බලමු.
1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාව මත රඳා පවතිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන නිර්දේශ ඉස් මුදුනෙන් පිළිගැනීම. [source: 1 , 2 ]
2. ඒ අනුව යමින් මුලදී එය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්නේ නැති බව සිතා නොසලකා හැරීම.
3. පසුව එය සාමාන්‍ය උණක් ලෙස නොසලකා හැරීම.
4. පසුව නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීම.
5. පසුව ස්වයං නිරෝධායනයට ලක් වෙන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
6. සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
7.  කොරෝනා සමාජය පුරාම පැතිරුණ පසුව දිගින් දිගටම ටෙස්ට් කිරීම.

එම රටවල් වල නායකයින්ගේ වැරදි තීරණ නිසාවෙන් ඒ රටවල ජනතාව අද විශාල ජීවිත ප්‍රමාණයකින් වන්දි ගෙවමින් සිටිති.

ශ්‍රී ලංකා රජයේ උපක්‍රමය වූයේ,

1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාවෙන් දෙන නිර්දේශ වලට එහා ගොස් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම. (උදා: ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමින් ලංකාවේ සමහර සෞඛ්‍ය බලධාරීන් නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීවද, ආරක්ෂක අංශ වලට රජය ලබා දුන් සෘජු නියෝගය වූයේ ශල්‍ය මුහුණු ආවරණ පැළඳවීමට සියලුම ජනතාව යොමු කරවීමටයි. අද ශ්‍රී ලංකා රජයේ තීරණය නිවැරදි බව සෞඛ්‍ය බලධාරීන් පිළිගෙන ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කීවද ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සෘජු තීරණයක් ගත්තේය. එසේම එය ජනතාවට කාරුණිකව පැහැදිළි කර දුන්නේය. තව ටික දවසකින් ලෝක සෞඛ්‍ය සංවිධානය එයත් පිළිගත්තත් පුදුම නොවන්න. එසේම මේ දින වල වෙනත් ලෙඩක් හැදී මිය යන රෝගීන්ව වුවද ආරක්ෂිත බෑග් වල දමා අවමංගල්‍ය සිදුකිරීමට තීරණය කර ඇත.).



2. සංක්‍රමණිකයන්, රෝගීන්ට නිරාවරණය වූවන් සහ කොරෝනා ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සියල්ල රජයේ පූර්ණ පාලනය සහිත නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 21 කට නිරෝධායනයට ලක් කිරීම.

3. එම කාලය තුලදී ඔවුන්ව පැය 24 පුරාම අධීක්ෂණය කිරීම.

4. එහිදී හමුවෙන කොරෝනා රොගීන්ව රෝහල් ගත කිරීම සහ එහිදී බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන අතරේම දේශීය වෙදකම්ද කිරීම.

5. නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 21 ඇතුළත අසනීප නොවන අය නිවෙස් බලා පිටත් කර තවදුරටත් දින 14 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.(දින 14 ක නිරෝධායනයෙන් පසුව කොරෝනා බෝ නොවන බවට බටහිර විද්‍යාවෙන් පැවසුවද නිරෝධායනයට දින 5 කට පසුවත් කොරෝනා පෙන්නුම් කෙරුණි. ශ්‍රී ලංකා රජය අමතර දින 7 ක නිරෝධානයක් සහ දින 14 ක ස්වයං නිරෝධායනයක ආරක්ෂිත පියවර ගැනීම නිසා විශාල අනතුරක් වැළකුණි).

6. රෝගීන් යැයි සැක සහිත පුද්ගලයන්ට නිරාවරණය වූවන් දින 21 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.

7. කිසියම් රෝගියෙක් ප්‍රදේශයක සැරි සරා තිබේනම් ඊට අදාල ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම වසා දැමීම. (Freeze)

8. ඇඳිරි නීතිය හරහා සමාජ දුරස්ථභාවය බලයෙන් (by-force) ඇති කිරීම.

9. රටේ ජනතාව පළාත් වශයෙන්, දිස්ත්‍රික් වශයෙන්, ග්‍රාමසේවා වසම් වශයෙන් වෙන් කොට තබා අවදානම් කළමනාකරනය කිරීම.

ඉහත දේවල් කරන්නට හැක්කේ ආරක්ෂක අංශයටයි. ඒකෙදි යොදා ගන්නා උපක්‍රම බොහෝමයක් මීට අවුරුදු 10 කට පෙර පුනරුත්ථාපන කඳවුරු වලදී (rehabilitation camps) සහ පලා ගිය කොටි සාමාජිකයන් සෙවිමේදී (Espionage) භාවිතා කර තිබේ..

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී කොටින්ගේ පාලන ප්‍රදේශ වලින් සිවිල් වැසියන් දස දහස් ගණනින් ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ වලට පලා එන්නට පටන් ගත්තෝය. ඒ අතරේ කොටි සාමාජිකයන්ද සිටි අතර ඒ අය වෙන් කර අඳුනාගන්නේ නැතිව ඔවුන්ව නිදහස් කරන්නට නොහැකි විය. ඉතින් පලා එන සිවිල් වැසියන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වුණේ ඔවුන් සියල්ලටම මානුෂික ලෙස සැලකීමයි. "මානුෂික මෙහෙයුම" යන නම යොදා ගැනීමට එතුමන් විසින් නියම කළේත් ඒ නිසයි. ඒ අනුව ඔවුන් සියල්ලම යම් කාලයකට පුනරුත්ථාපන කඳවුරු (rehabilitation camps) වලට යොමු කරමින් කාර්මික අධ්‍යාපනයක් (වඩු, මේසන්, ගොවිතැන්, මැසීම් ආදී) දෙනු ලැබුණි. එය තුළ ස්ථාන ගත කරන බුද්ධි නිලධාරීන්, "CCTV", "Spy Cams", "Drones" ආදියෙන් එම ජනතාවගේ හැසිරීම ඉතාමත් සුපරික්ෂාකාරීව විද්‍යාත්මකව අධ්‍යයනය කළෝය. ත්‍රස්තවාදීන් අතරෙන් පලා ආ සිවිල් වැසියන් අතර සිටි ත්‍රස්ත අදහස් ඇත්තන්ට අනෙකුත් ජනතාව වෙත ත්‍රස්තවාදය වැපිරවීමට ඇති අවස්ථාව ඉන් අවහිර විය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් ඇතුළත කොටි සාමාජිකයන්ව වෙන් කර හඳුනාගත් අතර, අනෙකුත් ජනතාව අද සාර්ථකව තම ජීවිතය ගෙවා දමයි. ඒ අතරේම භයානක කළු කොටින් හැරුණ විට, අනෙකුත් කොටි සාමාජිකයන්වද වසර කිහිපයකින් පුනරුත්ථාපනය කෙරුණි. එසේම පලා ගිය කොටි සාමාජිකයන්ව අල්ලන්නත් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණි. ඒ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක වුණාද කිවහොත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඉතිරි වූ එකදු ත්‍රස්තවාදියෙකුටවත් බෝම්බ පුපුරන්න්ට හැකි වූයේ නැත. මෙහිදීත් යොදා ගන්නේ එම වැඩපිළිවෙළේ අත්දැකීම් වන අතර මානුෂික මෙහෙයුමේ අත්දැකීම් වර්තමානයේදී අතිශය උපකාරී වී තිබේ.


කොරෝනා මර්දනයේදී නිරෝධායන මධ්‍යස්ථාන (Quarantine Centers) සඳහා භාවිතා කරන ක්‍රමය එදා පුනරුත්ථාපන කඳවුරු වල අත්දැකීම් ඇසුරෙන් සැකසූවකි. ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙන ජනතාවට ක්ෂණිකව සමාජයට යාමට ඉඩ නොදී ඉතාමත් ආරක්ෂාකාරීව නිරෝධායන කඳවුරු වෙතට ගෙන ගොස් දින 21 කට නිරෝධායනය කෙරේ. ඒ කාලය තුළදී ඔවුන්ගේ සමාජ දුරස්ථභාවය අනිවාර්ය කරයි. නිරන්තර පරීක්ෂාවන් හරහා රෝගය ඇත්තේ කාටද කියා බලයි. රෝගය ඉස්මතු වුවහොත් වහාම රෝහල් ගත කරයි. ඒ අතර ඔවුන්ට ඉතාමත් ඉහළින් සැලකීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙයි. එදා මානුෂික මෙහෙයුමේදී භාවිතා කළ පුනරුත්ථාපනය නිසාවෙන් ත්‍රස්ත අදහස් ඇත්තන් සමාජයට යාම වැළැක්වූ  ආකාරයටම covid-19 වෛරසය ඇත්තන් අවශේෂ සමාජය වෙත ගොස් බෝ කිරීම නැවතෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගැනීම, ජන ජීවිතය මෙහෙයවීම ඇතුළු විශාල වගකීමක් ත්‍රිවිධ හමුදාවට දී තිබෙන්නේ ඒ නිසාවෙනි.

ආරක්ෂක හමුදාව මෙහෙයවීම ඇතුළු රටේ සියලුම තීරණ ගන්නේ ජනාධිපති තුමා, අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් නිසා ශ්‍රී ලංකාවේ හමුදා පාලනයක් ඇති වෙනවා යැයි එජාපෙන් කියන මැසිවිල්ලේද කිසිදු පදනමක් නැත. එදා අගමැතිගෙන් ජනපතිවරයාට කිසිදු සහයෝගයක් නොලැබුණද, වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සිය සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
 
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ සිටියානම් ඔවුන් කිසිම විටෙකවත් හමුදාව සම්බන්ධ කර නොගන්නා බව ඔවුන්ගේ කතා වලින් පැහැදිළි වේ. එසේනම් යුරෝපයේ මෙන් කොරෝනා සමාජය කරා ව්‍යාප්ත වෙන අතර එවිට එජාපය නිතරම මතුරන මන්තරයක් වන "PCR Test" කරමින් සිටිනු ඇත. විපක්ෂයේ සිටියදී පවා තම එකමුතුව ‍රැක ගැනීමට නොහැකිව පක්ෂ දෙකකට කැඩුණ සජිත්-රනිල් දෙදෙනා අගමැති - ජනපති වූවානම්, මේ මොහොතේදී රටේ තත්ත්වය සිතා ගැනීමට පවා නොහැකි වෙනු ඇත.

Friday, April 10, 2020

LTTE ග්‍රහණයේ සිටි සිවිල් වැසියන්ව මුදා ගැනීමට මහින්ද ජනපතිඳුන් යෙදූ උපක්‍රමය මෙවර කොරෝනාවට එරෙහිවත් යොදාගත් අයුරු.


කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් බටහිර රටවල් වල නායකයින්ගේ ක්‍රමය වූයේ...
1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාව මත රඳා පවතිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන නිර්දේශ ඉස් මුදුනෙන් පිළිගැනීම. [source: 1 , 2 ]
2. ඒ අනුව යමින් මුලදී එය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්නේ නැති බව සිතා නොසලකා හැරීම.
3. පසුව එය සාමාන්‍ය උණක් ලෙස නොසලකා හැරීම.
4. පසුව නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීම.
5. පසුව ස්වයං නිරෝධායනයට ලක් වෙන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
6. සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
එම රටවල් වල නායකයින්ගේ වැරදි තීරණ නිසාවෙන් ඒ රටවල ජනතාව අද විශාල ජීවිත ප්‍රමාණයකින් වන්දි ගෙවමින් සිටිති.


ශ්‍රී ලංකා රජයේ උපක්‍රමය වූයේ,

1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාවෙන් දෙන නිර්දේශ වලට එහා ගොස් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම. (උදා: ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමින් ලංකාවේ සමහර සෞඛ්‍ය බලධාරීන් නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීවද, ආරක්ෂක අංශ වලට රජය ලබා දුන් සෘජු නියෝගය වූයේ ශල්‍ය මුහුණු ආවරණ පැළඳවීමට සියලුම ජනතාව යොමු කරවීමටයි. අද ශ්‍රී ලංකා රජයේ තීරණය නිවැරදි බව සෞඛ්‍ය බලධාරීන් පිළිගෙන ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කීවද ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සෘජු තීරණයක් ගත්තේය. එසේම එය ජනතාවට කාරුණිකව පැහැදිළි කර දුන්නේය. තව ටික දවසකින් ලෝක සෞඛ්‍ය සංවිධානය එයත් පිළිගත්තත් පුදුම නොවන්න).

2. සංක්‍රමණිකයන්, රෝගීන්ට නිරාවරණය වූවන් සහ කොරෝනා ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සියල්ල රජයේ පූර්ණ පාලනය සහිත නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 14 කට නිරෝධායනයට ලක් කිරීම. (මෙය දින 21 දක්වා දීර්ඝ කෙරුණි)

3. එම කාලය තුලදී ඔවුන්ව පැය 24 පුරාම අධීක්ෂණය කිරීම.

4. එහිදී හමුවෙන කොරෝනා රොගීන්ව රෝහල් ගත කිරීම සහ එහිදී බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන අතරේම දේශීය වෙදකම්ද කිරීම.

5. නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 14 ඇතුළත අසනීප නොවන අය නිවෙස් බලා පිටත් කර තවදුරටත් දින 14 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.(දින 14 ක නිරෝධායනයෙන් පසුව කොරෝනා බෝ නොවන බවට බටහිර විද්‍යාවෙන් පැවසුවද නිරෝධායනයට දින 5 කට පසුවත් කොරෝනා පෙන්නුම් කෙරුණි. ශ්‍රී ලංකා රජය අමතර දින 14 ක ආරක්ෂිත පියවර ගැනීම නිසා විශාල අනතුරක් වැළකුණි).

6. රෝගීන් යැයි සැක සහිත පුද්ගලයන්ට නිරාවරණය වූවන් දින 21 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.

7. කිසියම් රෝගියෙක් ප්‍රදේශයක සැරි සරා තිබේනම් ඊට අදාල ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම වසා දැමීම. (Freeze)

8. ඇඳිරි නීතිය හරහා සමාජ දුරස්ථභාවය බලයෙන් (by-force) ඇති කිරීම.

9. රටේ ජනතාව පළාත් වශයෙන්, දිස්ත්‍රික් වශයෙන්, ග්‍රාමසේවා වසම් වශයෙන් වෙන් කොට තබා අවදානම් කළමනාකරනය කිරීම.

ඉහත දේවල් කරන්නට හැක්කේ ආරක්ෂක අංශයටයි. ඒකෙදි යොදා ගන්නා උපක්‍රම බොහෝමයක් මීට අවුරුදු 10 කට පෙර පුනරුත්ථාපන කඳවුරු වලදී (rehabilitation camps) සහ පලා ගිය කොටි සාමාජිකයන් සෙවිමේදී (Espionage) භාවිතා කර තිබේ..

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී කොටින්ගේ පාලන ප්‍රදේශ වලින් සිවිල් වැසියන් දස දහස් ගණනින් ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ වලට පලා එන්නට පටන් ගත්තෝය. ඒ අතරේ කොටි සාමාජිකයන්ද සිටි අතර ඒ අය වෙන් කර අඳුනාගන්නේ නැතිව ඔවුන්ව නිදහස් කරන්නට නොහැකි විය. ඉතින් පලා එන සිවිල් වැසියන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වුණේ ඔවුන් සියල්ලටම මානුෂික ලෙස සැලකීමයි. "මානුෂික මෙහෙයුම" යන නම යොදා ගැනීමට එතුමන් විසින් නියම කළේත් ඒ නිසයි. ඒ අනුව ඔවුන් සියල්ලම යම් කාලයකට පුනරුත්ථාපන කඳවුරු (rehabilitation camps) වලට යොමු කරමින් කාර්මික අධ්‍යාපනයක් (වඩු, මේසන්, ගොවිතැන්, මැසීම් ආදී) දෙනු ලැබුණි. එය තුළ ස්ථාන ගත කරන බුද්ධි නිලධාරීන්, "CCTV", "Spy Cams", "Drones" ආදියෙන් එම ජනතාවගේ හැසිරීම ඉතාමත් සුපරික්ෂාකාරීව විද්‍යාත්මකව අධ්‍යයනය කළෝය. ත්‍රස්තවාදීන් අතරෙන් පලා ආ සිවිල් වැසියන් අතර සිටි ත්‍රස්ත අදහස් ඇත්තන්ට අනෙකුත් ජනතාව වෙත ත්‍රස්තවාදය වැපිරවීමට ඇති අවස්ථාව ඉන් අවහිර විය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් ඇතුළත කොටි සාමාජිකයන්ව වෙන් කර හඳුනාගත් අතර, අනෙකුත් ජනතාව අද සාර්ථකව තම ජීවිතය ගෙවා දමයි. ඒ අතරේම භයානක කළු කොටින් හැරුණ විට, අනෙකුත් කොටි සාමාජිකයන්වද වසර කිහිපයකින් පුනරුත්ථාපනය කෙරුණි. එසේම පලා ගිය කොටි සාමාජිකයන්ව අල්ලන්නත් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණි. ඒ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක වුණාද කිවහොත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඉතිරි වූ එකදු ත්‍රස්තවාදියෙකුටවත් බෝම්බ පුපුරන්න්ට හැකි වූයේ නැත. මෙහිදීත් යොදා ගන්නේ එම වැඩපිළිවෙළේ අත්දැකීම් වන අතර මානුෂික මෙහෙයුමේ අත්දැකීම් වර්තමානයේදී අතිශය උපකාරී වී තිබේ.


කොරෝනා මර්දනයේදී නිරෝධායන මධ්‍යස්ථාන (Quarantine Centers) සඳහා භාවිතා කරන ක්‍රමය එදා පුනරුත්ථාපන කඳවුරු වල අත්දැකීම් ඇසුරෙන් මානුෂික මෙහෙයුමේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් ප්‍රකාරව සැකසූවකි. ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙන ජනතාවට ක්ෂණිකව සමාජයට යාමට ඉඩ නොදී ඉතාමත් ආරක්ෂාකාරීව නිරෝධායන කඳවුරු වෙතට ගෙන ගොස් දින 21 කට නිරෝධායනය කෙරේ. ඒ කාලය තුළදී ඔවුන්ගේ සමාජ දුරස්ථභාවය අනිවාර්ය කරයි. නිරන්තර පරීක්ෂාවන් හරහා රෝගය ඇත්තේ කාටද කියා බලයි. රෝගය ඉස්මතු වුවහොත් වහාම රෝහල් ගත කරයි. ඒ අතර ඔවුන්ට ඉතාමත් ඉහළින් සැලකීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙයි. එදා මානුෂික මෙහෙයුමේදී භාවිතා කළ පුනරුත්ථාපනය නිසාවෙන් ත්‍රස්ත අදහස් ඇත්තන් සමාජයට යාම වැළැක්වූ  ආකාරයටම covid-19 වෛරසය ඇත්තන් අවශේෂ සමාජය වෙත ගොස් බෝ කිරීම නැවතෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගැනීම, ජන ජීවිතය මෙහෙයවීම ඇතුළු විශාල වගකීමක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට දී තිබෙන්නේ ඒ නිසාවෙනි. බුද්ධි අංශ යොදා ගනිමින් කොරෝනා රෝගීන්ව සොයා ගැනීම සහ නිරෝධායනය කිරීම ලෝකයේ අන් කිසිදු රටක මේ ආකාරයෙන් සාර්ථකව සිදුවූයේ නැත.

විජයග්‍රාහී මානුෂික මෙහෙයුමේ එදා ජනාධිපතිවරයා අද අග්‍රාමාත්‍ය තනතුර හොබවයි. එදා ආරක්ෂක ලේකම් වරයා අද ජනාධිපති තනතුර හොබවයි. එදා ඉදිරිපෙළ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙක් අද හමුදාපති සහ ආරක්ෂක ලේකම් තනතුර හොබවයි. ඒ ගැන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාම පැහැදිළි කළේ පහත ආකාරයටයි. (කාලය පැය 1:30:57 සිට)



කොරෝනා මර්දනයේ ඉදිරි පෙළ (front line) වන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයයි. හමුදාව විසින් ඔවුන්ට පූර්ණ සහයෝගය ලබා දෙයි. සිය ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන එකී සෞඛය කාර්ය මණ්ඩලයට ජාතියේම ගෞරවය හිමිවිය යුතුයි.

ඒ සියල්ල සිදුවෙන අතරේම
1. රටේ අත්‍යවශ්‍ය සේවා සිදුකරමින් ජන ජීවිතය පවත්වා ගැනීම.
2. රටේ ආර්ථිකය කඩා වැටීමකින් තොරව පවත්වා ගැනීම. ...සිදුකෙරේ.

මිලියන 22 ක ජනතාවකට ඇඳිරි නීතිය දමා ගෙවල් තුළ සිටියදී ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් (ගොවිතැන, ආහාර සැපයුම, ඖෂධ ආනයනය සහ සැපයුම, විදුලිය, දුරකථන, අන්තර්ජාල, ජලය, ඉන්ධන) සිදුකිරීමේදී සුළු අඩුපාඩු සිදුවීම නොවැළැක්විය හැකියි. නමුත් සමස්තයක් ලෙස අපේ රටේ ආහාර සහ ඖෂධ බෙදා හැරීම සාර්ථකව පවතී.

පහත දැක්වෙන්නේ අල්ලපු රට වන ඉන්දියාවේ සමාජ ජාල වල වැදි බණ අසා එරට අගමැති මෝදි විසින් රටම Lock Down කිරීමේ ප්‍රතිඵලයයි. ජනතාවට දිගින් දිගටම පොලිසියෙන් ගුටි කෑමට සිදුවූ අතර අවසානයේදී බඩගින්නේ සිටීම නිසා මහ පාරට බැස්සෝය. අසාර්ථක වූ Lock Down එක නිසා අගමැති මෝදි ට ජාතියෙන් සමාව ඉල්ලන්න සිදුවිය.


ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ Lock Down හෙවත් "Attempted Quarantine" නොව "Extensive distancing" ක්‍රම්වේදයයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අත්‍යවශ්‍ය සේවාවන්ට ඉඩ දෙන නමුත් අනෙකුත් අයව නිවාස වල තැබීම මගින් එය සිදුකෙරේ. ආසාදිත රෝගීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් Washington Post මගින් පළ කළ පහත සමාකරණය (Simulation) බලන්න.



ආරක්ෂක අංශය කොතරම් සංවිධානාත්මකව කොරෝනා මර්දනය කළත් ඒ සියල්ලටම වඩා බඩගින්න ලොකුය. වසර 2001 චන්ද්‍රිකා ආණ්ඩුව කඩා වැ‍ටුණේ එවකට ඇතිවූ ඉඩෝරය නිසා රටේ ආර්ථිකය කඩා වැටීම නිසයි. එහි ප්‍රතිඵලය වූයේ එජාපය බලයට අවුත් ඇතිකළ සටන් විරාම ගිවිසුම හරහා ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර අත් වීමයි. නමුත් මෙවර ආර්ථිකය කඩා වැ‍ටුණොත් මිලියන 22 ක ජනතාවගේ ජීවිත ඉරණම තීන්දු වෙනු ඇත.

ආයුධ සඳහා දිනපතා බිලියන ගණනින් මුදල් වැයවුණ දරුණු යුද්ධයක් යන අතරතුරදී, ලෝක ආර්ථික අවපාතය, ලෝක ආහාර අර්බුදය පවා සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍රැක ගැනීමට එදාත් මුදල් ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට හැකි විය. මෙවරත් රටේ ආර්ථිකය කඩා වැටීමෙන් තොරව පවත්වා ගැනීමේ භාරදූර වගකීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මුදල් ඇමැති බවට පත් කළේ එනිසයි.

මුළු ලෝකයම ව්‍යසනකාරී අවස්ථාවක සිටියදී හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා එසේ පවසයි. විපක්ෂය විසින් රටේ ආර්ථිකය බංකොළොත් කිරීම සඳහා නීති තර්ක පවා ගෙන හැර පාන අවස්ථාවකදී, මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් ඇමතිවරයා වශයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප් ගෙවාගෙන, රටේ අත්‍යවශ්‍ය සේවාවන්ද සිදුකරවමින්, රටේ ආහාර සැපයුම අඩාල කරගන්නේත් නැතිව මුදල් ඇමතිවරයාගේ කාර්යභාරය සිදුකරමින් ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආරක්ෂක වැඩපිළිවෙලට සිය සහය ලබා දෙයි. ඒ අතරේ තම දේශපාලන ආධාරකරුවන් ලවා රජයේ කොරෝනා අරමුදලට විශාල මුදල් පරිත්‍යාගයන්ද සිදුකරවයි.

අප්‍රියෙල් 4 එව්න විට රට පුරාවටම කොරෝනා රෝගීන් දහස් ගණනින් ව්‍යාප්ත විය හැකි බව සමහර වියතුන් පවසා තිබුණි. නමුත්...,

1. ඇඳිරිනීතිය හරහා රජය විසින් සමාජ දුරස්ථභාවය ඇති කර තිබීම
2. රෝගීන්ට නිරාවරණය වූ බවට හඳුනාගත් සියල්ල නිරෝධායනය කර තිබීම
3. තවදුරටත් ආරක්ෂක අංශ මගින් රෝගීන්ව සහ රෝගීන්ට නිරාවරණය වූවන්ව සොයා මෙහෙයුම් සිදුකිරීම ....නිසා රටේ වසංගත තත්ත්වයක් ඇති නොවී ආරක්ෂා විය.

ලෝකයේ ජාතික ආරක්ෂාව අතින් බලවත්ම රට ලෙස සැලකෙන, ඒ වෙනුවෙන්ම ක්‍රියා කරන CIA, FBI, NSA, DIA, DEA, Homeland Security ආදී ඒජන්සි සහිත, 24/7/365 පුරාවටම අති නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රටට සිදුවෙන ඕනෑම ආකාරයේ සන්නද්ධ, න්‍යෂ්ඨික, රසායනික ප්‍රහාරයන්ට සූදානම්ව සිටින එක්සත් ජනපදයටවත් කොරෝනා ව්‍යසනයෙන් බේරෙන්නට නොහැකි විය. ලෝකයේ සෞඛ්‍ය සේවය අතින් දියුණුතම රටක් ලෙස සැලකෙන, බටහිර වෛද්‍ය විද්‍යාවේ මහගෙදර ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයටත් ඉන් බේරෙන්න බැරි විය. අප වැනි රටකට කොරෝනා පැමිණීමෙන් වළක්වා ගැනීම නොකළ හැක්කක් බව පැහැදිළියි. නමුත් රජයේත්, ආරක්ෂක අංශ වලත්, සෞඛ්‍ය අංශයේත් සහ සමස්තයක් ලෙස මහජනතාවගේත් කැපවීම නිසාවෙන් අපිට කොරෝනා ව්‍යසනය පාලනය කරගන්නට හැකි වී තිබේ. අප රට සම්පූර්ණයෙන්ම නිරුපද්‍රිත වීමටනම් ජනතාවගෙන් මේ දක්වා ලැබූ සහයෝගය ඉදිරි සති කිහිපයටත් අවශ්‍ය වී තිබේ.