Mahinda Rajapaksa: කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධ කරගැනීම ගැන එජාපෙන් ගහන මඩට පිළිතුරු.

Monday, April 27, 2020

කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධ කරගැනීම ගැන එජාපෙන් ගහන මඩට පිළිතුරු.


කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සම්බන්ධ කරගැනීම ගැන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ බලවේග විසින් දිගින් දිගටම මඩ ගසනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධානතම චෝදනා දෙක වන්නේ
1. සෞඛ්‍ය ව්‍යසනයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය මිස හමුදාව මැදිහත් නොකරගත යුතුයි.
2.සිවිල් කටයුත්තකට හමුදාව සම්බන්ධ ක‍රැගැනීම නිසා හමුදා පාලනයක් ඇති වී තිබේ.

ඔවුන්ගේ එම චෝදනා දෙකට පිළිතුරු දීමට පෙර කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් බටහිර රටවල් වල ක්‍රමය කුමක්දැයි බලමු.
1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාව මත රඳා පවතිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන නිර්දේශ ඉස් මුදුනෙන් පිළිගැනීම. [source: 1 , 2 ]
2. ඒ අනුව යමින් මුලදී එය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන්නේ නැති බව සිතා නොසලකා හැරීම.
3. පසුව එය සාමාන්‍ය උණක් ලෙස නොසලකා හැරීම.
4. පසුව නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීම.
5. පසුව ස්වයං නිරෝධායනයට ලක් වෙන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
6. සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්නට කියා වගකීම ජනතාවටම පැවරීම.
7.  කොරෝනා සමාජය පුරාම පැතිරුණ පසුව දිගින් දිගටම ටෙස්ට් කිරීම.

එම රටවල් වල නායකයින්ගේ වැරදි තීරණ නිසාවෙන් ඒ රටවල ජනතාව අද විශාල ජීවිත ප්‍රමාණයකින් වන්දි ගෙවමින් සිටිති.

ශ්‍රී ලංකා රජයේ උපක්‍රමය වූයේ,

1. නිතරම වෙනස් වෙන විෂයක් වන බටහිර විද්‍යාවෙන් දෙන නිර්දේශ වලට එහා ගොස් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම. (උදා: ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමින් ලංකාවේ සමහර සෞඛ්‍ය බලධාරීන් නීරෝගී ජනතාවට ශල්‍ය මුහුණු ආවරණ අනවශ්‍ය බව කීවද, ආරක්ෂක අංශ වලට රජය ලබා දුන් සෘජු නියෝගය වූයේ ශල්‍ය මුහුණු ආවරණ පැළඳවීමට සියලුම ජනතාව යොමු කරවීමටයි. අද ශ්‍රී ලංකා රජයේ තීරණය නිවැරදි බව සෞඛ්‍ය බලධාරීන් පිළිගෙන ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කීවද ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සෘජු තීරණයක් ගත්තේය. එසේම එය ජනතාවට කාරුණිකව පැහැදිළි කර දුන්නේය. තව ටික දවසකින් ලෝක සෞඛ්‍ය සංවිධානය එයත් පිළිගත්තත් පුදුම නොවන්න. එසේම මේ දින වල වෙනත් ලෙඩක් හැදී මිය යන රෝගීන්ව වුවද ආරක්ෂිත බෑග් වල දමා අවමංගල්‍ය සිදුකිරීමට තීරණය කර ඇත.).



2. සංක්‍රමණිකයන්, රෝගීන්ට නිරාවරණය වූවන් සහ කොරෝනා ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සියල්ල රජයේ පූර්ණ පාලනය සහිත නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 21 කට නිරෝධායනයට ලක් කිරීම.

3. එම කාලය තුලදී ඔවුන්ව පැය 24 පුරාම අධීක්ෂණය කිරීම.

4. එහිදී හමුවෙන කොරෝනා රොගීන්ව රෝහල් ගත කිරීම සහ එහිදී බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන අතරේම දේශීය වෙදකම්ද කිරීම.

5. නිරෝධායන මධ්‍යස්ථාන තුළදී දින 21 ඇතුළත අසනීප නොවන අය නිවෙස් බලා පිටත් කර තවදුරටත් දින 14 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.(දින 14 ක නිරෝධායනයෙන් පසුව කොරෝනා බෝ නොවන බවට බටහිර විද්‍යාවෙන් පැවසුවද නිරෝධායනයට දින 5 කට පසුවත් කොරෝනා පෙන්නුම් කෙරුණි. ශ්‍රී ලංකා රජය අමතර දින 7 ක නිරෝධානයක් සහ දින 14 ක ස්වයං නිරෝධායනයක ආරක්ෂිත පියවර ගැනීම නිසා විශාල අනතුරක් වැළකුණි).

6. රෝගීන් යැයි සැක සහිත පුද්ගලයන්ට නිරාවරණය වූවන් දින 21 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීම.

7. කිසියම් රෝගියෙක් ප්‍රදේශයක සැරි සරා තිබේනම් ඊට අදාල ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම වසා දැමීම. (Freeze)

8. ඇඳිරි නීතිය හරහා සමාජ දුරස්ථභාවය බලයෙන් (by-force) ඇති කිරීම.

9. රටේ ජනතාව පළාත් වශයෙන්, දිස්ත්‍රික් වශයෙන්, ග්‍රාමසේවා වසම් වශයෙන් වෙන් කොට තබා අවදානම් කළමනාකරනය කිරීම.

ඉහත දේවල් කරන්නට හැක්කේ ආරක්ෂක අංශයටයි. ඒකෙදි යොදා ගන්නා උපක්‍රම බොහෝමයක් මීට අවුරුදු 10 කට පෙර පුනරුත්ථාපන කඳවුරු වලදී (rehabilitation camps) සහ පලා ගිය කොටි සාමාජිකයන් සෙවිමේදී (Espionage) භාවිතා කර තිබේ..

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී කොටින්ගේ පාලන ප්‍රදේශ වලින් සිවිල් වැසියන් දස දහස් ගණනින් ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ වලට පලා එන්නට පටන් ගත්තෝය. ඒ අතරේ කොටි සාමාජිකයන්ද සිටි අතර ඒ අය වෙන් කර අඳුනාගන්නේ නැතිව ඔවුන්ව නිදහස් කරන්නට නොහැකි විය. ඉතින් පලා එන සිවිල් වැසියන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වුණේ ඔවුන් සියල්ලටම මානුෂික ලෙස සැලකීමයි. "මානුෂික මෙහෙයුම" යන නම යොදා ගැනීමට එතුමන් විසින් නියම කළේත් ඒ නිසයි. ඒ අනුව ඔවුන් සියල්ලම යම් කාලයකට පුනරුත්ථාපන කඳවුරු (rehabilitation camps) වලට යොමු කරමින් කාර්මික අධ්‍යාපනයක් (වඩු, මේසන්, ගොවිතැන්, මැසීම් ආදී) දෙනු ලැබුණි. එය තුළ ස්ථාන ගත කරන බුද්ධි නිලධාරීන්, "CCTV", "Spy Cams", "Drones" ආදියෙන් එම ජනතාවගේ හැසිරීම ඉතාමත් සුපරික්ෂාකාරීව විද්‍යාත්මකව අධ්‍යයනය කළෝය. ත්‍රස්තවාදීන් අතරෙන් පලා ආ සිවිල් වැසියන් අතර සිටි ත්‍රස්ත අදහස් ඇත්තන්ට අනෙකුත් ජනතාව වෙත ත්‍රස්තවාදය වැපිරවීමට ඇති අවස්ථාව ඉන් අවහිර විය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් ඇතුළත කොටි සාමාජිකයන්ව වෙන් කර හඳුනාගත් අතර, අනෙකුත් ජනතාව අද සාර්ථකව තම ජීවිතය ගෙවා දමයි. ඒ අතරේම භයානක කළු කොටින් හැරුණ විට, අනෙකුත් කොටි සාමාජිකයන්වද වසර කිහිපයකින් පුනරුත්ථාපනය කෙරුණි. එසේම පලා ගිය කොටි සාමාජිකයන්ව අල්ලන්නත් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණි. ඒ වැඩපිළිවෙළ කොතරම් සාර්ථක වුණාද කිවහොත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඉතිරි වූ එකදු ත්‍රස්තවාදියෙකුටවත් බෝම්බ පුපුරන්න්ට හැකි වූයේ නැත. මෙහිදීත් යොදා ගන්නේ එම වැඩපිළිවෙළේ අත්දැකීම් වන අතර මානුෂික මෙහෙයුමේ අත්දැකීම් වර්තමානයේදී අතිශය උපකාරී වී තිබේ.


කොරෝනා මර්දනයේදී නිරෝධායන මධ්‍යස්ථාන (Quarantine Centers) සඳහා භාවිතා කරන ක්‍රමය එදා පුනරුත්ථාපන කඳවුරු වල අත්දැකීම් ඇසුරෙන් සැකසූවකි. ගුවන්තො‍ටුපොළේ සිට පැමිණෙන ජනතාවට ක්ෂණිකව සමාජයට යාමට ඉඩ නොදී ඉතාමත් ආරක්ෂාකාරීව නිරෝධායන කඳවුරු වෙතට ගෙන ගොස් දින 21 කට නිරෝධායනය කෙරේ. ඒ කාලය තුළදී ඔවුන්ගේ සමාජ දුරස්ථභාවය අනිවාර්ය කරයි. නිරන්තර පරීක්ෂාවන් හරහා රෝගය ඇත්තේ කාටද කියා බලයි. රෝගය ඉස්මතු වුවහොත් වහාම රෝහල් ගත කරයි. ඒ අතර ඔවුන්ට ඉතාමත් ඉහළින් සැලකීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙයි. එදා මානුෂික මෙහෙයුමේදී භාවිතා කළ පුනරුත්ථාපනය නිසාවෙන් ත්‍රස්ත අදහස් ඇත්තන් සමාජයට යාම වැළැක්වූ  ආකාරයටම covid-19 වෛරසය ඇත්තන් අවශේෂ සමාජය වෙත ගොස් බෝ කිරීම නැවතෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගැනීම, ජන ජීවිතය මෙහෙයවීම ඇතුළු විශාල වගකීමක් ත්‍රිවිධ හමුදාවට දී තිබෙන්නේ ඒ නිසාවෙනි.

ආරක්ෂක හමුදාව මෙහෙයවීම ඇතුළු රටේ සියලුම තීරණ ගන්නේ ජනාධිපති තුමා, අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් නිසා ශ්‍රී ලංකාවේ හමුදා පාලනයක් ඇති වෙනවා යැයි එජාපෙන් කියන මැසිවිල්ලේද කිසිදු පදනමක් නැත. එදා අගමැතිගෙන් ජනපතිවරයාට කිසිදු සහයෝගයක් නොලැබුණද, වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සිය සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
 
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ සිටියානම් ඔවුන් කිසිම විටෙකවත් හමුදාව සම්බන්ධ කර නොගන්නා බව ඔවුන්ගේ කතා වලින් පැහැදිළි වේ. එසේනම් යුරෝපයේ මෙන් කොරෝනා සමාජය කරා ව්‍යාප්ත වෙන අතර එවිට එජාපය නිතරම මතුරන මන්තරයක් වන "PCR Test" කරමින් සිටිනු ඇත. විපක්ෂයේ සිටියදී පවා තම එකමුතුව ‍රැක ගැනීමට නොහැකිව පක්ෂ දෙකකට කැඩුණ සජිත්-රනිල් දෙදෙනා අගමැති - ජනපති වූවානම්, මේ මොහොතේදී රටේ තත්ත්වය සිතා ගැනීමට පවා නොහැකි වෙනු ඇත.