Mahinda Rajapaksa: MCC ගිවිසුම සම්බන්ධයෙන් තවත් රහස් මෙන්න.

Saturday, June 27, 2020

MCC ගිවිසුම සම්බන්ධයෙන් තවත් රහස් මෙන්න.



[1]. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන් පසුගිය ජනාධිපතිවරණයේදී පැහැදිළිවම ප්‍රකාශ කළේ, තම ආණ්ඩුවෙන් කිසිදු විටෙකවත් MCC ගිවිසුම අත්සන් නොකරන බවයි. එතුමන් ඉදිරියටත් එම මතයේම සිටියි.


[2]. MCC ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමි‍ටු වාර්තාව පසුගිය දා එළිදැක්වුණි. සම්පූර්ණ වාර්තාව මෙතනින්. එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරන ලද නිවේදනයෙන් MCC ගිවිසුමේ භයානකත්වය පැහැදිලි වේ.



[3]. එහි ඇති ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් මෙම ලිපියෙන් අවධානය යොමු කෙරේ. එනම්,
(i). පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇත.
(ii). ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාල ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැත.


[4]. පසුගිය ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුම අත්සන් කරන බවට පැතිර ගිය ආරංචිය සමග අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් මන්දිරයේදී උපවාසයක් ආරම්භ කළහ.


එහිදී එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළිවම ප්‍රකාශ කළේ MCC ගිවිසුම අත්සන් නොකරන බවයි. එසේම සජිත් ප්‍රේමදාස මහතාද පැහැදිළිවම ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර MCC අත්සන් නොකරන බවයි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රකාශ නිසා අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි උපවාසය නතර කළහ. සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපිය පහතින්.


නමුත් MCC ගිවිසුමේ අදියර දෙකකට පසුගිය රජය ඒ වෙන විටත් අත්සන් කර තිබීමෙන් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ අතිපූජනීය මහා සංඝරත්නය බොරු කියා රවටා ඇති බවට අනුමාන කිරීමට සිදුවේ. එවකට ආණ්ඩුවේ,
(i). ප්‍රබලතම කැබිනට් අමාත්‍යවරයෙක් වූද,
(ii). එජාපයේ නියෝජ්‍ය නායකයා වූද,
(iii). එජාප ජනාධිපති අපේක්ෂකයා වූද
සජිත් ප්‍රේමදාස මහතා එවකට ආණ්ඩුවේ ජාත්‍යන්තර ගිවිසුම් නොදන්නවා කියන්නේනම් එය විශ්වාස කළ නොහැකියි.


[5]. අනෙක් අතට "ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාල ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැත." යනුවෙන් විද්වත් කමි‍ටු වාර්තාවේ දැක්වීම මගින් MCC ගිවිසුම හරහා එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් ඩොලර් මිලියන 10 ක (ආසන්න වශයෙන් රු 1,500,000,000.00 ක) අති දැවැන්ත වංචාවක් සිදුකර ඇති බවට අනුමාන කිරීමට සිදුවේ.

මෙම අති දැවැන්ත වංචා චෝදනාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල අපරාධයක් වන්නේ එය තවත් එක් පගා ගැහිල්ලක් නොව, දේශද්‍රෝහී පාවාදීමක් උදෙසා ලබාගත් පගාවක් වන බැවිනි.

ඇමරිකාව විසින් එම ඩොලර් මිලියන 10 නාස්ති කර ඇතිනම් ඒවා එම ඇමරිකා නියෝජිතයින්ගේ පුද්ගලික මුදල් නොවේ. ඒවා ඇමරිකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල් ය. ඇමරිකානුවන්ගෙන් බොහෝ දෙනා බදු ගෙවන්නන් වන අතර ඔවුන් තම බදු මුදල් රජය විසින් වියදම් කරන ආකාරය ගැන දැඩි අවධානයකින් පසු වෙයි.


[6]. 2018 ජූනි 13 දින ඇමරිකානු එම්බසි වෙබ් අඩවියේ මෙලෙස වාර්තාවක් පළ විය. http://archive.is/8zVta

එහි දැක්වෙන දෑ විවිධාකාරයෙන් අර්ථ නිරූපනය කළ හැකි නිසා ගූගල් පරිවර්තනය පහතින් දක්වමි. [Original]


විද්වත් කමි‍ටු වාර්තාවේ ඇති කරුණු යළිත් සනාථ කරමින්, ඇමරිකන් එම්බසි වෙබ් අඩවියට අනුවත්
ඩොලර් මිලියන 7.4 ක් ඒ වෙන විටත් දී ඇත. ($7.4 million USD grant that MCC provided last July.)
ඇමරිකන් එම්බසි වෙබ් අඩවියේ දැක්වෙන පරිදි අත්සන් කර ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 2.6 උදෙසායි. එයත් පසුව දී ඇති බවට විද්වත් කමි‍ටු වාර්තාවෙන් පැහැදිලි වේ.


[7].මේ සම්බන්ධයෙන් ඇමරිකානු එම්බසියෙන් නිකුත් කළ ටිවිටර් පණිවිඩය පහත දැක්වේ. 

http://archive.is/H66nN
http://archive.is/wip/H5kUH

ඊට ශ්‍රී ලාංකිකයෙක් දැක්වූ ප්‍රතිචාරය පහතින්.


(i). ඇමරිකන් එම්බසි ට්වීට් එකෙන් "පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇත" යන විද්වත් කමි‍ටු වාර්තාවේ කරුණ ප්‍රතික්ෂේප කර නොමැත. ඒ අනුව MCC ගිවිසුම මේ වන විටත් යම් දුරකට ක්‍රියාත්මක වෙන බිහිසුණු තත්ත්වයක අප පසුවෙයි. ජාත්‍යන්තර ගිවිසුමක් යනු ඒකපාර්ශවිකව ඉරා විසි කළ හැක්කක් නොවේ. එසේ කළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අනෙකුත් රටවල් වලින් ආර්ථික සම්බාධක වැටීමට වුවද ඉඩ ඇත. එනිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර කඩිනම් නීතිමය පියවර ගැනීම සඳහා නීතිවේදීන්ව යොමු කර ඇත.

(ii). "ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක් සහ මිලියන 2.6 ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාල ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැත." යන විද්වත් කමි‍ටු වාර්තාවේ කරුණද එමගින් ප්‍රතික්ෂේප කර නොමැත. ඔවුන් දක්වා ඇත්තේ "රජයට මුදල් ලබා නොදුන් බවයි".

ඒ මුදල් ලබා දුන්නේ කාටද යන්න ගැටළුවකි. ඉතින් ගිණුම් ගත නොවීම පුදුමයක් නොවේ.

අනෙක් අතට අදියර දෙකකට අත්සන් තබා තිබියදී ඊට අදාල මුදල රජයට ලබා නොදී,  වෙනත් කාට හෝ ලබා දී ඇතිනම් එහිදී බරපතල දූෂණයක් සිදුවී ඇති බව පසක් වේ.