අප ගැන

මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව අන්තර්ජාලය තුළ එල්ල වන මඩ අවලාද චෝදනා වලට පිළිතුරු දීම සඳහා යොදා ගන්නා mahinda.info වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

පාක්ෂික හිතවතුන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අන්තර්ජාලය තුළ දිවා රෑ දක්වන සහයෝගයට අප කෘතවේදී වන්නෙමු. අපට මතවාදීව විරුද්ධ සහෘදයින් වුවද, දහසක් රාජකාරි අතර මොහොතක් නැවතී මෙහි පැමිණ විමසා බැලීම සම්බන්ධයෙන් ඔවුන්ටත් අපගේ ගෞරවය හිමි වෙයි.

මෙම වෙබ් අඩවියේ මුලික අරමුණු.

1. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල වෙන ද්වෙශ සහගත අසත්‍ය චෝදනා වලට සාක්ෂි සාධක සහිතව පිළිතුරු ලබා දීම.

ඉකුත් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අතරතුරත් ඊට පසුවත් මහින්ද රාජපක්ෂ මහතාට, එතුමාගේ පවුලට, හා එතුමාගේ ආණ්ඩුවට එරෙහිව විවධ චෝදනා එල්ල විය. කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කල යුතු පිළිගත් ක්‍රියා මාර්ග ඇත. නමුත් මෙතැනදී සිදුවන්නේ ජන මාධ්‍ය හරහා දේවේශ සහගත මඩ ගැසීමක් බව කිව යුතුය. පෙර කිසිදාක නොවු විරූ මේ අවලාද ව්‍යාපාරය නිසා අන්තර්ජාලය තුළ එතුමාට සහයෝගය දක්වන හිතවත් පාක්ෂිකයින්ද පත් වූ අපහසුතාවය අපි තේරුම් ගෙන ඇත.

“ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය අතරවාරයේත් ඉන් පසුවත් මට එරෙහිව කිසිදු පදනමකින් තොර විවිධ චෝදනා අන්තර්ජාලයේ වෙබ්අඩවි හා ෆෙස්බුක් වැනි සමාජ ජාල හරහා පතුරුවා යවනු ලැබිණි. මාගේ ආණ්ඩුව මේ චෝදනා ගනන් නොගෙන සිටි බවත් ඒවාට නිසි වෙලාවට ප්‍රතිචාර නොදැක්වු බවත් මම ස්වයං විවේචනාත්මකව පිලිගනිම්. නමුත් සත්‍ය කවදා හෝ ජයගනු ඇති බව මාගේ විශ්වාසයයි.”

යනුවෙන් එතුමා ජනතාව වෙත නිකුත් කළ ලිපියක අවසානයේදී සඳහන් විය. එතැනින් නොනැවතී ඉදිරියේදී එතුමාට එරෙහිව එල්ල කරන අසත්‍ය චෝදනා වලට පිළිතුරු මෙම වෙබ් අඩවියෙන් කඩිනමින් සැපයීම සිදුකෙරේ.

2. අන්තර්ජාලයේ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පාක්ෂික හිතවතුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.
i. සහෘදයින්ගේ දේශපාලනාත්මක ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම.
ii. සහෘදයින්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය වන තාර්කික තොරතුරු අප විසින් වෙබ් අඩවියේ ලිපි වශයෙන් පළ කිරීම.
iii. මහින්ද රාජපක්ෂ මහතා ට සම්බන්ධ දේශපාලන කරුණු සම්බන්ධයෙන් විද්වතුන්ගේ ලිපි පළ කිරීම.
තව බොහෝ කටයුතු ඉදිරියට සංවිධානය වෙමින් පවතී.

3. ජනමාධ්‍ය වලින් විකාශය නොකරන තොරතුරු ඔබ වෙත ගෙන ඒම.
වර්තමානයේදී සෑම ජනමාධ්‍යයක්ම පාහේ සෘජුව හෝ වක්‍රාකාරයෙන් එක් පාර්ශවයකට නැඹුරු වී ඇති මොහොතක අන්තර්ජාලය තුළින් ඔබ වෙත මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පුවත් ලබා දීමට කටයුතු කරන්නෙමු.

මෙම වෙබ් අඩවිය මෙහෙයවන්නේ එතුමා ජනාධිපතිව සිටි අවධියේ සිටි පැරණි මාධ්‍ය අංශයේ අය විසින් නොවන අතර අප ඔබ සමග හැකි තාක් සමීපව අන්තර්ජාල තොරතුරු හුවමාරුව සිදුකරන්නෙමු.