අමතන්න

පහත සඳහන් කරුණු කාරනා සම්බන්ධයෙන් ඔබට අපව ඇමතීමට හැකියි.

[1]. එජාප ආණ්ඩුව විසින් දිගින් දිගටම අසත්‍ය කරුණු පදනම්ව කරන චෝදනා නිසා, අදාල ආයතන වල සේවය කරන වෘත්තිකයෙක් වන ඔබව හෝ ඔබගේ සමීපතමයෙක් නිරපරාදේ අපහසුතාවයට පත් වී ඇතිනම්, එම චෝදනා වල අසත්‍ය භාවය සනාථ කළ හැකි කරුණු.

[2]. මහින්ද රාජපක්ෂ මහතාට, එතුමාට සහාය දක්වන දේශපාලඥයින්ට, ඔහුගේ හිතවතුන්ට සහ පාක්ෂිකයින්ට කරනු ලබන අසත්‍ය චෝදනා සහ එම චෝදනාව පළ වූ ස්ථානයේ මූලාශ්‍රය (උදා: අදාල පෝස්ට් එකේ ලින්ක් එක, අදාල බ්ලොග් අඩවි ලිපියේ ලින්ක් එක ආදී වශයෙන්). එසේම එම චෝදනාව සාවද්‍ය බව සනාථ කළ හැකි කරුණු ඔබ දනීනම් ඒවායේ විස්තර.

ඉහත [1] හා [2] කරුණු සම්බන්ධයෙන් අප වෙත එවීමේදී මෙම වෙබ් අඩවියේ පළ කළ හැකි සම්පූර්ණ ලිපියක් ලෙස එවීමට හැකිනම් වඩාත් සුදුසුයි.

[3]. මෙම වෙබ් අඩවිය, මෙහි ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් ඔබ දකින අඩුපාඩු, යෝජනා, චෝදනා.

[4]. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඔබ ලියූ ලිපි. මෙහිදී ඒ ඒ ක්ෂේත්‍ර වල සිටින විද්වතුන්ට තම ක්ෂේත්‍රය සම්බන්ධ කරගෙන ලිපි එවන ලෙස අපි මෙහිදී ගෞරවනීයව ආරාධනා කරන්නෙමු.

[5]. ඔබ කරන දේශපාලන සංවාද වලදී පැන නගින දේශපාලන තාර්කිකමය ගැටළු ඔබට හෝ ඔබගේ මිතුරන්ට විසඳාගැනීමට නොහැකි වුවහොත්, අදාල ගැටළුව අප වෙත එවන්න. ඒවාට පිළිතුරු අපි ලිපි ලෙස මෙම වෙබ් අඩවියේ පළ කරන්නෙමු. එහිදී විද්වතුන්ගේ සහාය ලබාගෙන වගකීමෙන් යුතුව පිළිතුරු දීමට සිදුවෙන නිසා සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් කාරුණිකව සලකන්න.

ලිපි පින්තූර වීඩියෝ අප වෙත ඒවීමේදී ඒවා පළමුව ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිලයේ පළ කර එහි ලින්ක් එක අප වෙත එවීම වඩාත්ම පහසු ක්‍රමයයි. එහිදී අදාල ෆේස්බුක් පෝස්ටුවේ privacy එක “Public” ලෙස සකසන්න.

mahindainfocenter@gmail.com ඊමේල් ලිපිනය අපව සම්බන්ධ කරගැනීමට භාවිතා කරන්න.